හදිසි
Island edition
··
LankaNews
දේශීය

රු. මිලියන 14.1ක රන් භාණ්ඩ සොරකමක් හෙළිවේ

ගල්කිස්ස පොලිස් ස්ථානයට 2026 ජූලි 18 දින ලද පැමිණිල්ලකට අනුව නිවසක් බිඳ රුපියල් 14.1 මිලියනක වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම…

By Site Administrator1 මිනිත්තු කියවීම
රු. මිලියන 14.1ක රන් භාණ්ඩ සොරකමක් හෙළිවේ

ගල්කිස්ස පොලිස් ස්ථානයට 2026 ජූලි 18 දින ලද පැමිණිල්ලකට අනුව නිවසක් බිඳ රුපියල් 14.1 මිලියනක වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස 2026 අගෝස්තු 6 දින දෙහිවල ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු සහ හැටන් පතන ප්‍රදේශයේදී ඔවුන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සොරකම් කරන ලද රන් කරාඹු ජෝඩු 8ක්, රන් පෙන්ඩන්ට් 4ක්, වළල්ලක්, රන් මාල 10ක්, අත් පළඳනාවක් සහ රන් මුදු 2ක් ඇතුළු දේපළ පොලිස් භාරයට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකාරියන් වයස අවුරුදු 28, 46 සහ 53 වන අතර සැකකරු 28 හැවිරිදි හැටන් පතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න