හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
ව්‍යාපාර

ශ්‍රී ලංකාවට ඇමරිකානු තීරුබදු 10% දක්වා අඩුයි

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ තීරුබදු 10% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේය. මෙම තීරණය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ප…

By Site Administrator··1 මිනිත්තු කියවීම
ශ්‍රී ලංකාවට ඇමරිකානු තීරුබදු 10% දක්වා අඩුයි

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ තීරුබදු 10% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේය.

මෙම තීරණය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ලබාගත් සාර්ථක ප්‍රතිඵලයක් බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ කාලෝචිත උපදෙස් සහ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා දූත පිරිස ඉලක්කගතව සිදුකළ සාකච්ඡා, දෛනික සම්බන්ධීකරණය සහ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කැපවීම මෙම ජයග්‍රහණයට හේතු වූ බව ද තානාපතිවරයා පැවසීය.

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවලට මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් එම්. විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ එක්ව සිටියහ.

සිය ධුර කාලය තවත් දින කිහිපයකින් අවසන් වන බව සඳහන් කළ තානාපති මහින්ද සමරසිංහ, මෙම ධනාත්මක ප්‍රතිඵලය තිරසාරව පවත්වා ගැනීම සඳහා ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

දේශපාලන වෙනස්කම් පසෙක තබා රටේ යහපත වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට ජයගත නොහැකි අභියෝගයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න