හදිසි
Island edition
··
LankaNews
දේශීය

ගෝඩා ලීටර් 1,070ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,070ක් සමඟ 58 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 අගෝස්තු 8 වැනිදා දහවල් ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිස් විශේ…

By Site Administrator1 මිනිත්තු කියවීම
ගෝඩා ලීටර් 1,070ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,070ක් සමඟ 58 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2026 අගෝස්තු 8 වැනිදා දහවල් ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොටුගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

වැටලීමේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,070ක් බැරල් හයක තිබී සොයාගෙන ඇත.

සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න