පූගොඩදී නීති විරෝධී මත්පැන් ලීටර් 105ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම තාරාපුරම් ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් ඊයේ (10) උදෑසන පූගොඩ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 105ක් හෙවත් බෝතල් 140ක් සමඟ 45 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, මන්නාරම පොලිස් වසමේ තාරාපුරම් ප්‍රදේශයේදී මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 800ක් සොයාගෙන තිබේ.
එම කේරළ ගංජා තොගය මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, එය සඟවා තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




