හදිසි
Island edition
··
LankaNews
ලෝකය

චීනයේ ‘Zhuque-3’ රොකට්ටුව සාර්ථකව ගොඩබස්වයි

චීනයේ අභ්‍යවකාශ තාක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සනිටුහන් කරමින්, යළි භාවිත කළ හැකි ‘Zhuque-3’ රොකට්ටුව අභ්‍යවකාශගත කර එහි පළමු අදියර ගොඩබිමෙහි නිශ්චිත ස්ථානයක් වෙත සාර්ථකව ගොඩබස්වා ගැනීමට චීනය සමත්ව…

By Site Administrator1 මිනිත්තු කියවීම
චීනයේ ‘Zhuque-3’ රොකට්ටුව සාර්ථකව ගොඩබස්වයි

චීනයේ අභ්‍යවකාශ තාක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් සනිටුහන් කරමින්, යළි භාවිත කළ හැකි ‘Zhuque-3’ රොකට්ටුව අභ්‍යවකාශගත කර එහි පළමු අදියර ගොඩබිමෙහි නිශ්චිත ස්ථානයක් වෙත සාර්ථකව ගොඩබස්වා ගැනීමට චීනය සමත්ව තිබේ.

වයඹදිග චීනයේ ඩොංෆෙං (Dongfeng) වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් මෙම රොකට්ටුව අද (19) එරට වේලාවෙන් පෙරවරු 7.35ට අභ්‍යවකාශගත කර තිබේ.

මෙය චීනය විසින් සිදුකළ පළමු ගොඩබිම් පාලිත රොකට් ගොඩබෑම ලෙස සැලකේ. ‘Zhuque-3’ රොකට්ටුවේ පළමු අදියර සඳහා දිග හැරිය හැකි ගොඩබෑමේ පාද යොදා ඇති අතර, එමඟින් රොකට්ටුව සිරස්ව ගොඩබෑම සහ නැවත භාවිත කිරීමේ හැකියාව ලබාදී ඇත.

පසුගිය ජූලි 10 වැනිදා ‘Long March-10B’ රොකට්ටුවේ පළමු කොටස මුහුදේ ස්ථාපිත දැලක් ආධාරයෙන් සාර්ථකව ස්ථානගත කිරීමෙන් පසුව චීනය අත්කරගත් තවත් වැදගත් අභ්‍යවකාශ තාක්ෂණික ජයග්‍රහණයක් ලෙස මෙය සැලකේ.

මෙම තාක්ෂණික ජයග්‍රහණය මඟින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, චීනයේ වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම් අවශ්‍යතා අනාගතයේදී සපුරාලීමටත් හැකි වනු ඇතැයි අභ්‍යවකාශ විශේෂඥයෝ පෙන්වා දෙති.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න