ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඇක්ටන් ප්‍රදේශයේදී සිය මව සහ බාල සහෝදරයා ඝාතනය කළ බවට 17 හැවිරිදි අර්ජුන් අරවින්ද්ට එරෙහිව ඝාතන චෝදනා දෙකක් ඇතුළු චෝදනා කිහිපයක් ගොනු කර තිබෙනවා.
45 හැවිරිදි සුධා වෙන්කටේසන් සහ 14 හැවිරිදි ඇගේ පුත් සිද්ධාර්ත් අරවින්ද් නිවස තුළ මියගොස් සිටියදී හමුවීමෙන් අනතුරුව මෙම සිද්ධිය අනාවරණය වී තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර තරුණයා සිය පවුලේ සාමාජිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ කල්පනා සහ කතා පිළිබඳ සෙවීම සඳහා අන්තර්ජාලය මෙන්ම ChatGPT ද භාවිත කර ඇති බවයි. ඔහු පවුලේ සාමාජිකයන්ට තර්ජනයක් ලෙස පෙනෙන චරිත සහ සිදුවීම් ඇතුළත් මනඃකල්පිත, ගොතික් ආකාරයේ කතාද නිර්මාණය කර ඇති බව බලධාරීන් පවසනවා.
පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුගේ පියා පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මරණවල නිල හේතුව සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂකවරයාගේ අවසන් තීරණය මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වෙනවා.




