හදිසි
Island edition
··
LankaNews
දේශීය

දැදුරුඔයේ වාන් දොරටු 8ක් විවෘතයි: පහත්බිම්වලට ගංවතුර අවදානමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඒ අනුව, මේ වනවිට ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර, එමගින් තත්පරයකට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
දැදුරුඔයේ වාන් දොරටු 8ක් විවෘතයි: පහත්බිම්වලට ගංවතුර අවදානමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ඒ අනුව, මේ වනවිට ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර, එමගින් තත්පරයකට ඝන අඩි 16,500ක ජල ධාරිතාවක් මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින්, දැදුරුඔය ජලාශයේ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර, රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර, එමගින් තත්පරයකට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බව සඳහන් වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න