‘2025–2029 ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම’ යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් ක්රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව, එම කමිටුව කාරක සභාවේ නියෝජ්ය සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් පත් කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ 2026 සැප්තැම්බර් 25 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.
ඒ අනුව, කමිටුව සඳහා පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නම් කර තිබෙනවා.
හර්ෂණ නානායක්කාර
සුනිල් වටගල
කෞශල්යා ආරියරත්න
ජේ. සී. අලවතුගල
අනුරාධ ජයරත්න
ශානක්යන් රාසමාණික්කම්
ඕෂනි උමංගා
ප්රගීත් මධුරංග
චන්දිමා හෙට්ටිආරච්චි
ධර්මප්රිය විජේසිංහ
දේවානන්ද සුරවීර
එම්. නිසාම් කාරියප්පර්




