හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ෆීජි අධිකරණයෙන් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් අතුරුදන්

දකුණු පැසිෆික් කලාපයේ ෆීජි දූපත් සමූහයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය නඩුවකට සාක්ෂි ලෙස අධිකරණයේ තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 40කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කර ඇති බවත්, එහි වැඩි ප්‍රමාණයක් වෙනුවට පාන් පිට…

By Site Administrator2 මිනිත්තු කියවීම
ෆීජි අධිකරණයෙන් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් අතුරුදන්

දකුණු පැසිෆික් කලාපයේ ෆීජි දූපත් සමූහයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය නඩුවකට සාක්ෂි ලෙස අධිකරණයේ තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 40කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කර ඇති බවත්, එහි වැඩි ප්‍රමාණයක් වෙනුවට පාන් පිටි තබා ඇති බවත් CNN පුවත් සේවය වාර්තා කරයි.

ෆීජි ඩොලර් මිලියන 30ක් පමණ වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය 2019 වසරේදී ෆීජි-කැනේඩියානු ජාතිකයෙකු වන ජෝෂුවා රහ්මාන් සම්බන්ධ සිද්ධියකදී අත්අඩංගුවට ගෙන තිබේ. නිල වාර්තාවලට අනුව ඔහු නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට වරදකරු වී ඇත.

අභියාචනා විභාග වන තෙක් රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය තොගය සුවා මහාධිකරණයේ ගබඩා කර තිබූ අතර, සැප්තැම්බර් 15 වැනිදා සිදුකළ පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය කුට්ටි 39න් 7ක් අතුරුදන් වී ඇති බව නිලධාරීන් සොයාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඉතිරිව තිබූ මත්ද්‍රව්‍යද ව්‍යාජ ඒවා බවත්, මුල් මත්ද්‍රව්‍ය තොගයෙන් කිසිවක් එහි ඉතිරිව නොමැති බවත්ය.

ෆීජි පොලිස් කොමසාරිස් රුසියාටේ ටුඩ්‍රාවු පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය 2021 මාර්තු මාසයේදී මහාධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කළ නමුත්, සොරකම සිදුවූ නිශ්චිත කාලය මෙතෙක් පැහැදිලි නොමැති බවයි.

සේප්පුවට ප්‍රවේශ වීමට අවස්ථාව තිබූ අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවකයන් ඇතුළු සැකකටයුතු පුද්ගලයන් හයදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් අයෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවද ටුඩ්‍රාවු සඳහන් කර ඇත.

මෙම සිද්ධිය ෆීජි අධිකරණ පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර ඇති අතර, මහජනතාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද විවේචනයට ලක්ව තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න