ශ්‍රී ලංකාවට ටොන් තුනක ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දියාව විසින් පරිත්‍යාග කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සඳහන් කළේ, මෙම ඖෂධ තොගය ඊයේ (28) ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානයකින් කොළඹට රැගෙන ආ බවයි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය දැක්වීමට ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බව ද ජයිශංකර් සිය X (මීට පෙර Twitter) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.




