‘නෝඊස්ටර්’ (Nor’easter) කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීම, විදුලිබලය බිඳවැටීම, ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වීම සහ එළිමහන් උත්සව අවලංගු කිරීම ඇතුළු බලපෑම් රැසක් එල්ල කරමින් ප්‍රබල ‘නෝඊස්ටර්’ කුණාටුව මේ වනවිට ඇමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශය දෙසට ගමන් කරමින් පවතිනවා.
මේ හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
ඇමෙරිකානු ජාතික කාලගුණ සේවයේ නවතම වාර්තාවට අනුව නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු ප්‍රදේශ රැසකට දරුණු වෙරළබඩ ගංවතුර, තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති විය හැකියි.
ඒ අනුව නිව්යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වර්ජිනියා සිට මේන් දක්වා ප්‍රදේශවලට තද වැසි සහ සුළං තත්ත්වයක් පුරෝකථනය කර තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් බොස්ටන්හි පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයද අවලංගු කර තිබෙනවා.
කුණාටුව හේතුවෙන් පාරිභෝගිකයින් 100,000කට වැඩි පිරිසකට විදුලිබලය අහිමි වී ඇති අතර, ගුවන් ගමන් 1,199ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. තවත් ගුවන් ගමන් 2,400කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා.




