හදිසි
Island edition
··
LankaNews
ලෝකය

බුකාවු ගිනි ගැනීමකින් සිසුන් 24ක් මරුට

කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින බුකාවු නගරයේ පාසල් දෙකක් ගිනි ගැනීමෙන් ඇති වූ තෙරපීමකදී පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගින්න…

By Site Administrator1 මිනිත්තු කියවීම
බුකාවු ගිනි ගැනීමකින් සිසුන් 24ක් මරුට

කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින බුකාවු නගරයේ පාසල් දෙකක් ගිනි ගැනීමෙන් ඇති වූ තෙරපීමකදී පාසල් සිසුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී සිසුන් තෙරපීමට ලක්ව ඇති බවයි.

ගින්න හේතුවෙන් වැඩිහිටියන් කිහිපදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් ප්‍රදේශයේ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර, ගින්නෙන් නිවාස 300කට පමණ හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

තවත් පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව තිබිය හැකි බවට සැක පළ වී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු Reuters පුවත් සේවයට පවසා ඇත්තේ පස්වරුව වන විට ගින්න මැඩපවත්වා තිබුණද, විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තවදුරටත් දුමාරය නැගෙමින් තිබූ බවයි.

දකුණු කිවු පළාතේ අගනුවර වන බුකාවු නගරය කොංගෝ ජනරජයේ වඩාත්ම ජනාකීර්ණ කඳුකර නගරවලින් එකක් වන අතර, M23 කැරලිකරුවන් විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එම නගරය අත්පත් කරගෙන තිබුණා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න