හදිසි
Island edition
··
LankaNews
ලෝකය

නිව්යෝර්ක් පාසල්වල ඒ.අයි. භාවිතයට තහනමක්

නිව්යෝර්ක් නගරයේ පොදු පාසල්වල අටවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම තහනම් කිරීමට නගරාධිපති සොහ්රාන් මම්දානි පියවර ගෙන තිබේ. කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් දරු…

By Site Administrator2 මිනිත්තු කියවීම
නිව්යෝර්ක් පාසල්වල ඒ.අයි. භාවිතයට තහනමක්

නිව්යෝර්ක් නගරයේ පොදු පාසල්වල අටවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම තහනම් කිරීමට නගරාධිපති සොහ්රාන් මම්දානි පියවර ගෙන තිබේ.

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් දරුවන්ගේ පෞද්ගලික හැකියාවන්, ස්වාධීනව සිතීමේ හැකියාව සහ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි බවට පවතින අවධානය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

මෙම තහනම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, නවවැනි ශ්‍රේණියට ඉහළින් අධ්‍යාපනය ලබන සිසුන්ට පමණක් නිශ්චිත අවශ්‍යතා සඳහා AI යෙදුම් භාවිත කිරීමට අවසර ලබාදී ඇත.

මේ අතර, ගුරුවරුන්ට පාඩම් සකස් කිරීම වැනි කාර්යයන් සඳහා AI යෙදුම් භාවිත කිරීමේ නීතිවල යම් ලිහිල් කිරීමක්ද ලබාදී තිබේ.

එමෙන්ම, හයවැනි සිට අටවැනි ශ්‍රේණිය දක්වා සිසුන් පන්තිකාමර තුළ තිරය දෙස බලන කාලය මිනිත්තු 45කට සීමා කරන ලෙසත්, ප්‍රාථමික පාසල් සිසුන් සඳහා එම කාලය මිනිත්තු 30කට සීමා කරන ලෙසත් නිව්යෝර්ක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශයකදී නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දරුවන්ගේ ඉගෙනීම හා සංවර්ධනය සඳහා ගුරුවරුන් සමඟ සෘජු සම්බන්ධතාව අත්‍යවශ්‍ය බවයි.

සම වයසේ සිසුන් සමඟ එක්ව කුසලතා වර්ධනය කරගැනීම, ගුරුවරුන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම මෙන්ම දුෂ්කර ගැටලු ස්වාධීනව මුහුණදී විසඳීමට දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ මුල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය බව තාක්ෂණික ක්ෂේත්‍රය විශ්වාස කළද, තම පරිපාලනය එය එලෙස නොදකින බවද ඔහු සඳහන් කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න