හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ඉන්දියාවේ බෝඩිං පාස් මුද්‍රා තැබීම අහෝසි කෙරේ

ඉන්දියාවේ සියලුම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වන මගීන්ගේ බෝඩිං පාස් සඳහා ආගමන විගමන කවුන්ටරවලදී මුද්‍රා තැබීමේ ක්‍රමවේදය සැප්තැම්බර් 1 වැනිදා සිට ස්ථිරවම අහෝසි කිරීමට ඉන්දීය ආගමන විගමන කාර්යාං…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඉන්දියාවේ බෝඩිං පාස් මුද්‍රා තැබීම අහෝසි කෙරේ

ඉන්දියාවේ සියලුම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වන මගීන්ගේ බෝඩිං පාස් සඳහා ආගමන විගමන කවුන්ටරවලදී මුද්‍රා තැබීමේ ක්‍රමවේදය සැප්තැම්බර් 1 වැනිදා සිට ස්ථිරවම අහෝසි කිරීමට ඉන්දීය ආගමන විගමන කාර්යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මගීන්ට තම ජංගම දුරකථනවල ඇති විද්‍යුත් බෝඩිං පාස් භාවිත කරමින් ආගමන විගමන කටයුතු සම්පූර්ණ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පැරණි මුද්‍රා තැබීමේ ක්‍රමවේදය හේතුවෙන් සිදුවන කාලය නාස්තිය මෙන්ම ඇතැම් අවස්ථාවල මුද්‍රාව නිසි පරිදි නොවැටීම නිසා බෝඩිං පාස් කියවීමට නොහැකි වීමෙන් ඇතිවන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මගියෙකු මුද්‍රිත බෝඩිං පාස් එකක් ඉදිරිපත් කළද එය භාරගනු ලබන අතර, එහිදීද ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රාවක් තබනු නොලැබේ.

මේ අතර, ගුවන්තොටුපොළ පරිශ්‍ර තුළ මගීන් පරීක්ෂා කිරීමේදී බෝඩිං පාස් සඳහා මුද්‍රා තැබීමේ ක්‍රමවේදය මධ්‍යම කාර්මික ආරක්ෂක බලකාය විසින් මීට වසර කිහිපයකට පෙර අත්හිටුවා තිබිණි.

තවද, ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර හිමිකරුවන් සඳහා ගුවන්තොටුපොළවලදී විදේශ ගමන් බලපත්‍රයට ඇතුළුවීමේ සහ පිටවීමේ මුද්‍රා තැබීමද අහෝසි කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක බව නිලධාරීහු සඳහන් කළහ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න