හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ට්‍රම්ප්ගේ ඕමාන තර්ජනයෙන් තෙල් මිල ඉහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 සී…

By Site Administrator1 මිනිත්තු කියවීම
ට්‍රම්ප්ගේ ඕමාන තර්ජනයෙන් තෙල් මිල ඉහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඩොලර් 91.24ක් දක්වා ඉහළ ගොස් ඇත.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.70ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ ඊයේ (17) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.

මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙන අතර, අමෙරිකාවද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවල නිරතව සිටී.

හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන බැවින්, එහි ආරක්ෂාව හා නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඇතිවන ඕනෑම අවදානමක් ගෝලීය තෙල් වෙළෙඳපොළට බලපෑම් කළ හැකිය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න