15 වන සියවසේ පුනරුද යුගයේ ප්‍රකට ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන ඇන්ටොනෙලෝ ඩා මෙසිනාට (Antonello da Messina) අයත් සිතුවම් හතරක් ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කෞතුකාගාරයට ඇතුළු වූ සොරුන් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇත.
මෙම සිදුවීම ඉතාලියේ සංස්කෘතික උරුමයට සිදුවූ බරපතළ පහරක් ලෙස සැලකේ. මෙම වසරේ මුල් භාගයේදී ඉතාලි රජය විසින් ඇන්ටොනෙලෝ ඩා මෙසිනාගේ එක් කෘතියක් ඩොලර් මිලියන 15කට මිලදී ගැනීමද අපරාධකරුවන්ගේ අවධානයට ලක්වන්නට ඇති බවට සැක පළ වී තිබේ.
අදාළ කෞතුකාගාරයේ බැරොක් යුගයේ විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වන කැරවාජියෝගේ (Caravaggio) කෘතිද තැන්පත් කර ඇති බව වාර්තා වේ.
විමර්ශකයන්ගේ අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ, මෙය අහඹු සොරකමක් නොව, නිශ්චිත කෘති ඉලක්ක කරමින් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ සැලසුම්සහගත සොරකමක් විය හැකි බවයි.




