හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ෂාරුක් ඇතුළු නළුවන් තිදෙනෙකුට දැන්වීම් නියෝගයක්

තහනම් පුවක් මිශ්‍රණයක් වන ‘පෑන් මසාලා’ සමඟ සම්බන්ධ වෙළෙඳ නාමයක් ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වී ඇති සප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටීම වහාම අත්හිටුවන ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් බොලිවුඩ්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ෂාරුක් ඇතුළු නළුවන් තිදෙනෙකුට දැන්වීම් නියෝගයක්

තහනම් පුවක් මිශ්‍රණයක් වන ‘පෑන් මසාලා’ සමඟ සම්බන්ධ වෙළෙඳ නාමයක් ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වී ඇති සප්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටීම වහාම අත්හිටුවන ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ශ්‍රොෆ් වෙත දැනුම් දී තිබේ.

මුම්බායි ඇතුළු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සුරක්ෂිතතා මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම පියවර ගෙන ඇත. ප්‍රාන්ත ආහාර හා ඖෂධ පාලන අධිකාරිය නළුවන් තිදෙනාට දින 15ක් ඇතුළත කරුණු දක්වන ලෙසද දැනුම් දී තිබේ.

නළුවන් විසින් ‘Vimal’ කරාබුනැටි නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළද, එම වෙළෙඳ නාමය පෑන් මසාලා සමඟ සෘජුව සම්බන්ධ වන බැවින් මෙය වක්‍ර වෙළෙඳ දැන්වීමක් හෙවත් ‘Surrogate Advertising’ ලෙස සැලකිය හැකි බව බලධාරීන් පෙන්වා දී තිබේ.

තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එම වෙළෙඳ නාමය, ලාංඡනය හෝ අනන්‍යතාව භාවිත කරමින් නීත්‍යානුකූල වෙනත් නිෂ්පාදනයක් ප්‍රචාරණය කිරීම වක්‍ර වෙළෙඳ දැන්වීම් ලෙස හැඳින්වේ.

අදාළ වෙළෙඳ දැන්වීම් සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කරන ලෙසත්, ඒවා තවදුරටත් ප්‍රචාරය කිරීමට සහය නොදෙන ලෙසත්, අදාළ නිෂ්පාදක සමාගම සමඟ ඇති ප්‍රවර්ධන ගිවිසුම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසත් බලධාරීන් නළුවන්ගෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ශ්‍රොෆ්ගේ නියෝජිතයන් හෝ ‘Vimal’ වෙළෙඳ නාමයේ හිමිකාර සමාගම වන Vishnu & Company Trademarks මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.

අදාළ වෙළෙඳ දැන්වීම YouTube ඔස්සේ මිලියන 106කට අධික වාර ගණනක් නරඹා ඇති බවද වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න