හදිසි
Island edition
··
LankaNews
ලෝකය

කේක් එකේ මියගිය කටුස්සෙක්: 11ක් රෝහලේ

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන්දින සාදයකදී කේක් ආහාරයට ගැනීමෙන් පසු දරුවන් 7 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු ආහාර විෂවීමකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා. කේක් ආහාරයට ගෙන සුළු වේලාවකට පසු…

By Site Administrator1 මිනිත්තු කියවීම
කේක් එකේ මියගිය කටුස්සෙක්: 11ක් රෝහලේ

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන්දින සාදයකදී කේක් ආහාරයට ගැනීමෙන් පසු දරුවන් 7 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු ආහාර විෂවීමකට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.

කේක් ආහාරයට ගෙන සුළු වේලාවකට පසු ඔවුන්ට දැඩි උදරයේ සහ පපුවේ වේදනාවක් ඇති වී තිබෙන අතර, තත්ත්වය බරපතළ වීමත් සමඟ ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් සිදුකළ පරීක්ෂණයේදී උපන්දින කේක් එක තුළ මියගිය කටුස්සෙකුගේ මළසිරුරක් තිබී හමුවී තිබෙනවා.

ඒ අනුව කේක් නිෂ්පාදනය කළ බේකරියේ සෞඛ්‍යාරක්ෂිතභාවය සහ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

රෝහල්ගත කළ සියලු දෙනා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින බව සඳහන්.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න