මතභේදයට තුඩු දී ඇති දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ්හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කළ නව නාමකරණය නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීනය විසින් තම භූමියක් ලෙස සලකන දකුණු ටිබෙට් ප්‍රදේශය ඉන්දියාව අරුණාචල් ප්‍රදේශ් ලෙස හඳුන්වන අතර, එම ප්‍රදේශයේ ස්ථාන 27ක් සඳහා ඉකුත් 07 වැනිදා ඉන්දියාව නව නාමකරණයක් නිකුත් කර තිබේ.
අදාළ ස්ථාන සිතියම්වල නිල වශයෙන් නම් කිරීම මඟින් මහජනතාවට අරුණාචල් ප්‍රදේශ් පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දිය හැකි බව ඉන්දියාව පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා 10 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ඉන්දියාව නීතිවිරෝධී ලෙස ස්ථාපිත කළ බවට චීනය පවසන අරුණාචල් ප්‍රදේශ් කිසිසේත් පිළිනොගන්නා බවයි.
එමෙන්ම, එම ප්‍රදේශයේ ස්ථාන 27ක් සඳහා ඉන්දියාව විසින් ලබා දී ඇති නම් ද නීතිවිරෝධී හා වලංගු නොවන බව චීනය අවධාරණය කර ඇත.
ඉන්දියාව කුමන පියවර ගත්තද, දකුණු ටිබෙට් ප්‍රදේශය චීනයට අයත් බවට තමන් පවසන ස්ථාවරය කිසිදා වෙනස් නොවන බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.




