හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ට්‍රම්ප් උපත් පුරවැසිභාවයට සීමා පනවයි

අමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන “Birthright Citizenship” ප්‍රතිපත්තියට සීමා පැනවීමේ උත්සාහය යළි ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ.…

By Site Administrator1 මිනිත්තු කියවීම
ට්‍රම්ප් උපත් පුරවැසිභාවයට සීමා පනවයි

අමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන “Birthright Citizenship” ප්‍රතිපත්තියට සීමා පැනවීමේ උත්සාහය යළි ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උපතින්ම පුරවැසිභාවය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙර ගත් උත්සාහයක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම පියවර ගෙන ඇති බවයි.

නව නියෝග අනුව, විදේශීය ත්‍රස්ත සංවිධාන සාමාජිකයන්, විදේශ රජයන්ගේ සේවකයන්, වංචනික ලෙස පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් සහ ඇතැම් අමෙරිකානු භූමි ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගේ දරුවන්ට උපතින්ම පුරවැසිභාවය ලබා නොදීමට අදාළ නිර්වචන හඳුන්වා දී ඇත.

එමෙන්ම, සංචාරක වීසා මත අමෙරිකාවට පැමිණ දරුවන් බිහිකර ඔවුන්ට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් සිදුකරන “Birth Tourism” ක්‍රමවේදය තහනම් කිරීමට ද නව නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ විධායක නියෝගයක් මගින් අමෙරිකාවේ උපත ලබන දරුවන්ගේ පුරවැසිභාවය සීමා කිරීම ව්‍යවස්ථානුකූල ගැටලු මතු කළ හැකි බවයි.

මෙම නියෝග අධිකරණය හමුවේ නීතිමය අභියෝගවලට ලක්වීමේ ඉඩකඩ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න