හදිසි
Island edition
··
LankaNews
ලෝකය

බොරතෙල් මිල පහළට, ඉන්ධන මිලේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (31) සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමේ සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. විදෙස් වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලය…

By Site Administrator1 මිනිත්තු කියවීම
බොරතෙල් මිල පහළට, ඉන්ධන මිලේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (31) සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමේ සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

විදෙස් වෙළෙඳපොළ දත්ත අනුව, WTI බොරතෙල් බැරලයක මිල 1.71%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 82.16ක් දක්වා අඩුවී තිබේ. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.16%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වී ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිලද 2.60%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 85.71ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිත වුවද, සංස්ථාව මේ වන විට ලබා ඇති ලාභය සහ ලෝක වෙළෙඳපොළේ පවතින මිල අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන මිල සංශෝධනයක් සිදු නොකරන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.

රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පසුගිය කාලයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියද, දේශීය ඉන්ධන මිල වැඩි කළේ සියයට 4කින් පමණක් බවයි. ජූනි මාසයේ ආනයනය කළ ඉන්ධනවල පිරිවැය පදනම් කරගෙන මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවද ඔහු පැහැදිලි කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න