හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
ලෝකය

ස්ට්‍රෝවක් ලෙවකෑ සිසුවෙකුට සිංගප්පූරුවේ දඩ

දොඩම් යුෂ ලබාදෙන යන්ත්‍රයක තිබූ ස්ට්‍රෝවක් ගෙන ලෙවකෑමෙන් පසු නැවත බෙදාහැරීමේ පෙට්ටියට දැමූ ප්‍රංශ ජාතික සිසුවෙකුට සිංගප්පූරු අධිකරණය සිංගප්පූරු ඩොලර් 600ක දඩයක් නියම කර තිබේ. 19 හැවිරිදි ඩිඩියර් ගැස්ප…

By Site Administrator··1 මිනිත්තු කියවීම
ස්ට්‍රෝවක් ලෙවකෑ සිසුවෙකුට සිංගප්පූරුවේ දඩ

දොඩම් යුෂ ලබාදෙන යන්ත්‍රයක තිබූ ස්ට්‍රෝවක් ගෙන ලෙවකෑමෙන් පසු නැවත බෙදාහැරීමේ පෙට්ටියට දැමූ ප්‍රංශ ජාතික සිසුවෙකුට සිංගප්පූරු අධිකරණය සිංගප්පූරු ඩොලර් 600ක දඩයක් නියම කර තිබේ.

19 හැවිරිදි ඩිඩියර් ගැස්පාර්ඩ් ඔවන් මැක්සිමිලියන් නමැති එම සිසුවා මහජනතාවට අපහසුතාවක් ඇති කිරීමේ චෝදනාව පිළිගෙන තිබේ.

සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබන මැක්සිමිලියන්, “නගරය ආරක්ෂිත නැත” යන සටහන සමඟ ස්ට්‍රෝවක් ගෙන මුඛයට දමන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත එක් කර තිබුණි. එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිරීමත් සමඟ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

සිද්ධියෙන් පසු අදාළ යන්ත්‍රය පවත්වාගෙන යන iJooce සමාගම සඳහන් කළේ එහි තිබූ ස්ට්‍රෝ 500ක්ම ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කර නව ස්ට්‍රෝ යොදා ඇති බවයි.

සිංගප්පූරු නීතිය අනුව මහජනතාවට අපහසුතාවක් ඇති කරන වැරදි සඳහා උපරිම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක දඩයක්, මාස තුනක් දක්වා සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකිය.

මෙම නඩුවේදී රජයේ පාර්ශ්වය සහ සිසුවාගේ නීතිඥ පාර්ශ්වය යන දෙපාර්ශ්වයම දඩයක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සිදු වූ දෙය පිළිබඳව සිසුවා දැඩි ලෙස කනගාටු වන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න