හදිසි
Island edition
··
LankaNews
ලෝකය

කොවිඩ් මූලාරම්භය ගැන ෆවුසිගෙන් සෙනෙට් විමසීමක්

කොවිඩ්-19 වසංගත සමයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවටත්, සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කළ බවටත් චෝදනා එල්ල වී ඇති අමෙරිකාවේ හිටපු ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි අමෙරිකානු සෙනෙට් සභාව…

By Site Administrator2 මිනිත්තු කියවීම
කොවිඩ් මූලාරම්භය ගැන ෆවුසිගෙන් සෙනෙට් විමසීමක්

කොවිඩ්-19 වසංගත සමයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවටත්, සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කළ බවටත් චෝදනා එල්ල වී ඇති අමෙරිකාවේ හිටපු ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි අමෙරිකානු සෙනෙට් සභාව හමුවේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, ෆවුසි එම ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් කරමින් බොරු චෝදනා මත තමන් වැරදිකරුවෙකු බවට පත් කිරීමට උත්සාහ කරන බවයි.

මෙම විමර්ශනයට නායකත්වය දුන් රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභික රැන්ඩ් පෝල් තමන්ට එරෙහිව පෞද්ගලික වෛරයකින් කටයුතු කරන බවත්, තමන්ට සිරදඬුවම් ලබාදීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදුකරන බවත් ෆවුසි චෝදනා කර ඇත.

වසංගතය පිළිබඳ තොරතුරු වසන් කළ බවට සහ එහි අවදානම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කළ බවට රිපබ්ලිකන් පක්ෂය දිගු කලක් තිස්සේ ෆවුසිට චෝදනා කර ඇති අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කොවිඩ් වෛරසය චීනයේ වූහාන් විද්‍යාගාරයෙන් පිටවූ බව තමන් මුල සිටම පැවසූ බව පවසමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ෆවුසිව විවේචනය කර තිබේ.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් වෛරසයේ සතුන්ගෙන් මිනිසුන්ට පැතිරුණු ස්වභාවික මූලාරම්භය වඩාත් තහවුරු වී ඇති බවයි.

මේ අතර, සෙනෙට් සභික රැන්ඩ් පෝල් විසින් ෆවුසිගේ වසංගත සමයේ දිනපොත් සටහන් කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සටහන්වලින් හෙළිවන්නේ වෛරසයේ මූලාරම්භය ස්වභාවික ක්‍රියාවලියක් බව විශ්වාස කළද, විද්‍යාගාරයකින් පිටවීමේ හැකියාව පිළිබඳවද මුල් අවධියේදී විවෘත මනසකින් සලකා බැලූ බවයි.

වෛද්‍ය ඇන්තනි ෆවුසිට එරෙහිව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න