ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින අසාමාන්‍ය ප්‍රමාදයන් නිරාවරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවකින්, 2001 වසරේදී බරපතල ලිංගික අපයෝජනයකට ලක් වූ 11 හැවිරිදි දරුවකුට මහාධිකරණය හමුවේ සාක්ෂි දීමට අවස්ථාව ලැබී ඇත්තේ වසර 22කට පසුව බව අනාවරණය වී ඇත.
අදාළ නඩුවේ වින්දිතයා සිද්ධිය සිදු වූ අවස්ථාවේ වයස අවුරුදු 11ක් වුවද, සාක්ෂි ලබාදෙන විට ඔහුගේ වයස අවුරුදු 33ක් වී තිබූ බව අභියාචනාධිකරණය සඳහන් කළේය.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බාලවයස්කාර දරුවෙකු පැහැරගෙන යාම සහ බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුට මහාධිකරණය විසින් නියම කළ සිරදඬුවම් සහ දඩ මුදල් අභියාචනාධිකරණය තහවුරු කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

