අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “Artificial Intelligence” (AI) යන යෙදුම වෙනුවට “Super Intelligence” (SI) යන යෙදුම භාවිත කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.
නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ “Artificial” යන වචනය භාවිත කිරීමෙන් මෙම තාක්ෂණය ව්‍යාජ දෙයක් ලෙස හැඟවෙන බවයි. ඒ අනුව, ඉදිරියේදී අමෙරිකානු රාජ්‍ය ලේඛනවල AI වෙනුවට “Super Intelligence” යන නාමය භාවිත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇත.
එමෙන්ම, මෙම නව යෙදුම ලොව පුරාද භාවිත වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ට්‍රම්ප් සඳහන් කර තිබේ.
මීට පෙර ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා AI සඳහා නව නාමයක් තෝරා ගැනීම සඳහා ජනතාවගෙන් අදහස් විමසා තිබූ අතර, “Superior Intelligence”, “Extreme Intelligence” සහ “Supreme Intelligence” වැනි නම්ද යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත්, තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිත වන “Super Intelligence” යන යෙදුම දැනට පවතින සාමාන්‍ය AI පද්ධති සඳහා සෘජුවම සමාන නොවන බව විශේෂඥයන් පෙන්වා දෙති. තාක්ෂණ ක්ෂේත්‍රයේදී “superintelligence” යන්න සාමාන්‍යයෙන් මිනිස් හැකියාවන් පුළුල් ලෙස අභිබවා යන අනාගත AI පද්ධතියක් හැඳින්වීමට භාවිත කරයි.




