හදිසි
Island edition
··
LankaNews
ලෝකය

මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක වන්දියක්

ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට චෝදනා කරමින්, එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ අධිකරණයක් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට තවත් ඇමෙරිකානු ඩොලර් මිලි…

By Site Administrator1 මිනිත්තු කියවීම
මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක වන්දියක්

ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට චෝදනා කරමින්, එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ අධිකරණයක් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

නව මෙක්සිකෝ දිස්ත්‍රික් විනිසුරු Bryan Biedscheid සඳහන් කර ඇත්තේ මෙටා සමාගම “public nuisance” තත්ත්වයට පත්ව ඇති බවයි. එමෙන්ම, අනාගත හානි අවම කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවන ලෙසද නියෝග කර ඇත.

මෙම තීන්දුවට පෙර එම නඩුවේදී මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක් නියම කර තිබූ අතර, ඒ අනුව සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විනිසුරුවරයා සිය තීන්දුවේදී මෙටා සමාගමේ වේදිකා කර්මාන්ත ශාලාවකට සමාන කරමින්, එහි දැන්වීම් සහ අන්තර්ගතයන් මගින් ළමුන්ට සිදුවන මානසික හානි හා ලිංගික හිංසන අවදානම් සමාජයට බලපාන බව සඳහන් කර ඇත.

මෙටා සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇති අතර, තම වේදිකාවල පරිශීලක ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

2023 වසරේදී නව මෙක්සිකෝ ප්‍රාන්තය විසින් මෙම නඩුව ගොනු කර තිබූ අතර, මෙටා සමාගමේ නිර්දේශ ඇල්ගොරිතම මගින් තරුණ පරිශීලකයන් හානිකර අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු කළ බවට චෝදනා එල්ල විය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න