හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ට්‍රම්ප් කැනඩා භාණ්ඩවලට 50% බද්දක් පනවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම නව බදු පියවර දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.…

By Site Administrator1 මිනිත්තු කියවීම
ට්‍රම්ප් කැනඩා භාණ්ඩවලට 50% බද්දක් පනවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම නව බදු පියවර දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

අමෙරිකාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් බදු පැනවීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කැනඩාවෙන් අමෙරිකාවට අපනයනය කරන පාරිභෝගික භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසකට මෙම නව තීරුබදු අදාළ වනු ඇතැයි අමෙරිකාව පවසයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න