හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම් – 500කට වැඩි ගුවන් ගමන් අවලංගුයි

බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුව මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම් – 500කට වැඩි ගුවන් ගමන් අවලංගුයි

බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුව මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලකෙන ඩොල්ෆින් පැයට කිලෝමීටර 198ක පමණ වේගයකින් හමා ගොස් ඇති බව වාර්තා වේ.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගෝෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල පදිංචිකරුවන් 260,000කට ආසන්න පිරිසකට ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 500කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව සඳහන් වේ.

ඩොල්ෆින් සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර චීන වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් ෂැංහයි, ෂෙජියෑං සහ ෆුජියෑන් ප්‍රදේශ සඳහාද දැඩි වර්ෂාපතනය සහ ගංවතුර අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න