ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400ක් පමණ වටිනා බෝල්රූම් ශාලාවේ සියලු ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල අවධාරණය කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස එහි හිමිකරු නොවන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ට්‍රම්ප් පරිපාලනය විසින් ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ මෙම බෝල්රූම් ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබිණි.
ශාලාව වර්ග අඩි 90,000ක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර, එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය ඩොලර් මිලියන 400ක් පමණ වේ.
ෆෙඩරල් අභියාචනාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, එම තීන්දුවට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පරිපාලනයට දින 14ක කාලයක් ලබා දී තිබේ.




