නේපාලය සහ චීනයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති බව බලධාරීන් පවසයි.
විපතට පත්ව හුදෙකලා වී සිටින ජනතාව වෙත ළඟාවීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් සිටින බව වාර්තා වේ.
නේපාලයේ ආපදා කළමනාකරණ ඒජන්සිය අඟහරුවාදා නිකුත් කළ නවතම දත්ත අනුව, එරටින් මරණ 987ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 3,916 දෙනෙකු අතුරුදන්ව සිටිති. අතුරුදන් වූ පිරිස අතර විදේශිකයින් 583 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මේ අතර, චීන බලධාරීන් ඉරිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 546 දෙනෙකු අතුරුදන්ව සිටිති. එම අතුරුදන් පිරිස අතර විදේශිකයින් 261 දෙනෙකු සිටින බව වාර්තා වේ.




