හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

‘Rebuilding Sri Lanka’ අනුකමිටුවේ 5වන රැස්වීම

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කර ඇති සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ අනුකමිටුව 5වන වරටත් රැස්ව තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්…

By Site Administrator1 මිනිත්තු කියවීම
‘Rebuilding Sri Lanka’ අනුකමිටුවේ 5වන රැස්වීම

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කර ඇති සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ අනුකමිටුව 5වන වරටත් රැස්ව තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා පොදු පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කර ප්‍රධාන කමිටුව වෙත වාර්තා කිරීම මෙම අනුකමිටුවේ ප්‍රධාන වගකීම වේ.

ආපදාවෙන් දැඩි බලපෑමට ලක් වූ පළාත්වල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න