ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධුරයට හිමි දීමනා මහජන යහපත සඳහා භාවිත කිරීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමකට තැන්පත් කිරීම මඟින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම සංවිධානය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් දිනන දකුණ සංවිධානය අද (02) උදෑසන අල්ලස් කොමිසම වෙත අදාළ පැමිණිල්ල භාර දී ඇත.
පැමිණිල්ල මඟින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් සිදුකරන ලෙසත්, අදාළ පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසත් ඉල්ලා තිබේ.
කාරණා පහක් යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ද එම සංවිධානය සඳහන් කරයි.




