හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

ශ්‍රී ලන්කන් අල්ලස් විමර්ශනයට CID ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් පුළුල් කරමින් අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක…

By Site Administrator··1 මිනිත්තු කියවීම
ශ්‍රී ලන්කන් අල්ලස් විමර්ශනයට CID ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් පුළුල් කරමින් අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.

මෙම සංචාරයේදී දෙවන සැකකාරිය වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක සහ තෙවැනි සැකකරු ශමීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිමය පියවර ගැනීම, බැංකු ගිණුම් සම්බන්ධ විමර්ශන සිදු කිරීම සහ සාක්ෂි සටහන් කර ගැනීම ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.

අදාළ අල්ලස් මුදල් තැන්පත් කළ බව කියන බැංකු ගිණුමක හිමිකරුවකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර, දෙවන සැකකාරියගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝගද ලබාගෙන ඇත.

මේ අතර, සිද්ධියේ පළමු සැකකරු වූ හිටපු ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ පරීක්ෂණද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න