රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 22ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
මේ අතර, අද (20) පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 23ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවයි.




