හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

චාමර සම්පත් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාථමික කර්මාන්…

By Site Administrator1 මිනිත්තු කියවීම
චාමර සම්පත් අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සහ ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ විමර්ශනයට සම්බන්ධයෙන්, මීට පෙර චාමර සම්පත් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න