වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා මේ බව අනාවරණය කර ඇත.
මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය විසින් අද (12) ප්‍රතික්ෂේප කරනු ලැබීය.




