හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසේදීය.
පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර තිබේ.




