හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

බැසිල්ගේ බවට චෝදනා එල්ල වූ ඉඩම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට චෝදනා එල්ල වී ඇති මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපොළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීමේ හා තහනම් කිරීමේ නි…

By Site Administrator1 මිනිත්තු කියවීම
බැසිල්ගේ බවට චෝදනා එල්ල වූ ඉඩම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට චෝදනා එල්ල වී ඇති මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපොළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීමේ හා තහනම් කිරීමේ නියෝග නැවත සක්‍රිය කර ක්‍රියාත්මක කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් මඟින් කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.

එමෙන්ම, අදාළ ඉඩම සහ දේපොළ සම්බන්ධයෙන් නීත්‍යනුකූල හෝ සද්භාවීය හිමිකම් ඇති වෙනත් පාර්ශ්වයක් වේ නම්, ඊයේ (06) දින සිට දින 14ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම ඉඩමේ නීත්‍යනුකූල හිමිකරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිල වශයෙන් අයිතිවාසිකම් නොකියන පසුබිමක, නීතිවිරෝධී වත්කම් උපයා ගැනීම සම්බන්ධ විමර්ශනවලට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.

නීතිවිරෝධී ලෙස වත්කම් අත්පත් කරගැනීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුළුල් විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න