කුප්‍රකට ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමූහයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා සහ ව්‍යාපාරික කාන්තාවක වන ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
සැකකරුවන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණයද ඔක්තෝබර් 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.




