හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ශිරන්තිගේ ඇප අයැදුම ඔක්තෝබර් 12 කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මූල්‍ය අපරා…

By Site Administrator1 මිනිත්තු කියවීම
ශිරන්තිගේ ඇප අයැදුම ඔක්තෝබර් 12 කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

අදාළ අපේක්ෂිත ඇප අයැදුම්පත අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබේ.

‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලීසිය දැනුම් දී තිබේ.

මේ අතර, අදාළ විමර්ශනයට සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළාය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න