හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

පාස්කු ප්‍රහාර නඩුවට ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නි…

By Site Administrator1 මිනිත්තු කියවීම
පාස්කු ප්‍රහාර නඩුවට ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනයක් ගොනු කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේය.

මෙම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකරන බවත්, එම නිසා විමර්ශනවලට මැදිහත් වීමට අධිකරණය බලාපොරොත්තු නොවන බවත් විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේය.

අභියාචනය සඳහා අවසර ඉල්ලා කරුණු දැක්වීම ඔක්තෝබර් 09 වැනිදා සිදුකළ හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනාත් විජේවර්ධන මහතා සමඟ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්‍රි යන මහත්වරු පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න