හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

රාජ්‍ය සේවයට තනි ජාතික ඩිජිටල් පද්ධතියක්

විවිධ රාජ්‍ය ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ සඳ…

By Site Administrator1 මිනිත්තු කියවීම
රාජ්‍ය සේවයට තනි ජාතික ඩිජිටල් පද්ධතියක්

විවිධ රාජ්‍ය ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

රජයේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න