හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරේ

එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව, සැකකාර නාමල්…

By Site Administrator1 මිනිත්තු කියවීම
නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැරේ

එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව, සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීට අමතරව, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද සැකකරුට ඇප කොන්දේසියක් පනවා තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න