ලලිත් සහ කුගන් යන සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) සාක්ෂි සටහන් කරගනු ලැබීය.
අද දින සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කළ අතර, වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් 27 වැනිදා දක්වා කල් තැබිණි.
එදින සාක්ෂි ලබාදීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කළේය.




