හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා මෙම නඩුව එදින කැඳවීමට නියම කර ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වන රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටියහ.




