ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්ව පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර කළ ඉල්ලීම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
තමන්ව පක්ෂයේ මහලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා ජයසේකර මීට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර, දුමින්ද දිසානායක මහලේකම් ධුරයේ කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා සභාපති ධුරය දැරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ද ඉල්ලා තිබිණි.
කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, ජයසේකර එම තීරණයට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.
ඊයේ (28) පැවැති නඩු විභාගයේදී අභියාචනාධිකරණය ද දුමින්ද දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 8 වැනිදා පැවැත්වීමට නියම කර ඇත.




