හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

22 වන ව්‍යවස්ථා සංශෝධනයට අද ඡන්ද විමසීම

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද (25) යෙදී තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද පස්…

By Site Administrator1 මිනිත්තු කියවීම
22 වන ව්‍යවස්ථා සංශෝධනයට අද ඡන්ද විමසීම

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද (25) යෙදී තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද පස්වරු 7.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන දෙවන වර කියවීමේ විවාදය ඊයේ (24) ආරම්භ විය.

මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පසුගිය 22 වැනිදා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ජනමත විචාරණයකින් අනුමත කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි. එම පනත් කෙටුම්පතට අදාළ අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය මගින් එය සම්මත කළ හැකිය.

එමෙන්ම, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න