හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

හරක් කටා–කෙහෙල්බද්දර පද්මේ ගැටුම ගැන විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබ…

By Site Administrator1 මිනිත්තු කියවීම
හරක් කටා–කෙහෙල්බද්දර පද්මේ ගැටුම ගැන විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු පත් කර ඇති බවයි.

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ‘හරක් කටා’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඊයේ (22) රාත්‍රියේ ගැටුමක් හටගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ රෝහල්ගත කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඔහු මේ වන විට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න