හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

අනෝජන් බේරා ගැනීමට රජයෙන් පියවර රැසක්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යව…

By Site Administrator2 මිනිත්තු කියවීම
අනෝජන් බේරා ගැනීමට රජයෙන් පියවර රැසක්

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, සිද්ධිය වාර්තා වූ දින සිටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් සිටින බවයි.

එමෙන්ම, අනෝජන්ට සමාව ලබාදෙන ලෙස හෝ ඔහුට නියම වී ඇති දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් සෞදි රජු වෙත ලිපියක් යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

එම ලිපිය සෞදි රජු වෙත භාරදීම සඳහා නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සෞදි අරාබියට යැවීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අනෝජන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඇති අතර, නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉදිරි පියවර ගැන සාකච්ඡා කර තිබේ.

තවද, මෙම නඩු කටයුතු සඳහා වැයවන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමට කටයුතු කරන බවත්, මේ වන විට පවුල විසින් දරා ඇති අදාළ නීතිමය වියදම් ප්‍රතිපූරණය කිරීමටද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පේරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් සිය වියදමින් මෙම කටයුතු සඳහා නීතිමය සහාය ලබාදෙමින් මැදිහත් වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අනෝජන්ගේ නඩුව පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින බව මීට පෙර නිවේදනය කර තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න