හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

හිටපු ප්‍රවාහන අධිකාරි සභාපති අත්අඩංගුවට

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව…

By Site Administrator1 මිනිත්තු කියවීම
හිටපු ප්‍රවාහන අධිකාරි සභාපති අත්අඩංගුවට

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

විමර්ශන නිලධාරීන්ට අනුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින්, නියමිත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන අවසරපත් නිකුත් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම ක්‍රියාමාර්ගය හේතුවෙන් බාහිර පාර්ශ්වයන්ට අයුතු වාසියක් ලබාදෙමින් රජයට රුපියල් 4,160,000ක මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න